major

කිලිනොච්චියට ඇතුල් වීම වලක්වාලමින් කොටි ත්‍රස්තයන් දැවැන්ත පස් බැම්මක් ඉදිකොට තිබුනි.එම පස් බැම්ම කෙසේ හෝ අල්ලා ගැනීම අනීවාර්ය විය.කපිතාන් මහේෂ් ගේ හා කපිතාන් තරංග තේලිස් ගේ නායකත්වයෙන් යුත් කණ්ඩාම් දෙකක් යොදවා බැම්ම අල්ලා ගත්තත් ත්‍රස්තයන් නැවැතත් ප්‍රහාරයක් එල්ල කොට බැම්ම යලි අල්ලා ගැනීමට උත්සහා දැරීය.එම සටනේදී ජිවිතයද නොතකා සටන් කල මහේෂ් නාරංගොඩ තම තුරුණු ජිවීතය රට වෙනුවෙන් පිදීය.එම නිසා මෙම විරුවාගේ නමද පරම වීර විභුෂණ පදක්කම සදහා නිර්දේශ වී ඇත.

 

nilantha

2009 පෙබරවාරි 4 දිනට මුලතිව් අල්ලා ගැනීම සදහා ත්‍රස්තයන් දැවැන්ත ප්‍රහාරයක් නන්දිකඩාල් කලපුවේ හමුදා ඉදිරි ආරක්‍ෂක වලල්ලට එල්ල කරන ලදි.එහිදි හමුදාව ශක්තිමත් ලෙස සටනට පිවිසියහ.ත්‍රස්තයන්ලේ ප්‍රහාර දරුණු වු අතර එක් අවස්ථාවක හමුදා ආයුධ ගබඩාවක් කොටි අතට පත් වීමට ආසන්න විය.එහි අවි ගබඩා භාරකරු වුයේ කෝප්‍රල් නිලන්ත පුෂපකුමාරයි.එම කණ්ඩායමේ නායක කපිනාන් අරංගල්ල තුවාල ලබා සිටි අතර ලයින් එක පසුපසට ගැනීමට උත්සහා කළත් කෝප්‍රල් නිලන්ත පුෂපකුමාර එය ප්‍රතික්ෂේප කරන ලදි.ඔහු එක්වරම කියා සිටියේ අවි ගබඩාව කොටි අතට පත් වීම වලක්වාලිය යුතු බවයි.

අවසානයේ කොටි එම ස්ථානයට ලගා වෙත්ම ක්ලේමෝ බෝම්බ පුපුරවා ගනිමින් කොටිත් මරා ගෙන ඔහු රට වෙනුවෙන් තම ජිවිතය අභිත ලෙස පුද කරන ලදි.

 

z_p14-Maj_Gen_Hamangoda

බ්‍රිගේඩියර් ආනන්ද හමන්ගොඩ යාපනය 512 බලසේනාධිපති ලෙස සේවය කරන ලදි.1996 ජුලි 4 වනදා යාපනය ස්ටැන්ලි පාරේ ගොඩනැගිලි ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරිමේ උත්සවයට එල්ල වු මරාගෙන මැරෙන ප්‍රහාරයකින්  ජීවිතක්‍ෂයට පත් විය.

maruwa

කොටි ත්‍රස්තයන් 2009 පෙබරවාරි මස 1 වැනිදා මුලතිව් නගරය යලි අල්ලා ගැනීම සදහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.මුලතිව් නගරය යලි අල්ලා පෙබරවාරි 4 දිනට ඊලාම් කොඩිය එසවීම ත්‍රස්තයන්ගේ අරමුණ විය.එදින දහවල් වෙද්දී සටන ඉතාමත් දරුණු අතට හැරුණු අතර යුදහමුදාපති විසින් සටනට අණ දිම සිදු කරන ලදි.අවසානයේ විශේෂ බළකායද කැදවන ලදි.මේජර් කෝසල විජේකෝන් අනදුන් එකෝ බලඝනයත් ,කපිතාන් ඉන්දික ලියනගේ යටතේ වු බ්‍රාවෝ බලඝනයත් සටනට එක් විය.මෙම කණ්ඩායම් දෙක කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලක්වාලීමට සුදානමින් පුදුකුඩිඉරිප්පු මාර්ගය දෙපස වලවල් හාරා ඒ තුල බැස සුදානමින් සිටියහ.එක්වරම බෝම්බ පිරවු කොටින්ගේ වාහනයක් වේගයන් එන බව ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ නෙත ගැටිනි.එය හමුදා ඉදිරි ආරක්‍ෂක වලල්ලේ ගැටුනහොත් විරු ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වන බව ස්ථිර හෙයින් ඔහු මාර්ගය ඉදිරියට පැන තම ජීවිත ගැනවත් නොසිතා තම අත වු ආර්.පී.ජී. අවිය ක්‍රියාත්මක කළත් උණ්ඩය ක්‍රියාත්මක නොවීය.ඔහු තවත් උණ‍්ඩයක් දමා ඉලක්කය ගන්නා විට වාහනයට දුර මීටර් 40 වත් නොවීය.මෙතරම් ආසන්නයකදී බෝම්බ වාහනය පිපිර වුවහොත් තම ජීවිතයද විනාශ වන බව දැන දැනත් අභිත ලෙස මෙම විරුවා අවිය ක්‍රියාත්මක කලේය.ඉලක්කය සාර්ථක වු අතර සෙබළ ජිවිත විශාල ප්‍රමාණයක් බේරා දි චන්ද්‍රසිරි බණ්ඩාර තම ජිවිතය රට වෙනුවෙන් පුද කරන ලදි.මෙම උදාර විරුවාගේ නම පරම වීර විභූෂණ පදක්කද සදහා නිර්දේශ වී ඇත.

sivvana

වන්නි මානුෂිය මෙහෙයුමේදී වඩාත් ශක්තිමත් කොටි පස්බැම්ම වුයේ පුදුමාතලන් හි ඉදිකර තිබු බැම්මයි.නමුත් එය බිද දැමීම අනිවාර්ය විය.නව වන ගැමුණු රෙජිමේන්තුවේ අටේ කණ්ඩායම් කිහිපයක්ද මේ සදහා යෙදවිනි.අප්‍රේල් 20 වනදා මෙහෙයුම ආරම්භ විය.දරුණු සටන් මැද රණ විරුවෝ බංකර් එකක් හැර සියල්ල අල්ලා ගත්තත් එක් බංකරයක සිටි ත්‍රස්තයන් දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදි.මෙදිදී ලුතිනන් ඩබ්.ඩී.ජයතිලක එම බංකරය කෙසේ හෝ අල්ලා ගත යුතු බව කියා එදෙසට ප්‍රහාර එල්ල කරමින් ඉදිරියටම ගිය අතර අවසානයේ සටන උග්‍ර වුයෙන් ඔහු අත් බෝම්බයක්ද පුපරවා ගනිමින් බංකරයේ සිටි ත්‍රස්තයන් ද මරාගෙන තම ජිවිතය මතු පරපුර වෙනුවෙන් පූජා කරන ලදි.එම හේතුවෙන් මෙම විරුවා පරම වීර විභූෂණ පදක්කමට නිර්දේශ වී ඇත.

වෙමන් වු අභීත පුද කිරීම්ද අප ලද මේ නිදහස තුල ඇති බව අප අමතක නොකළ යුතු කාරණයකි.

Victory

images

 කිලිනොච්චි මුදා ගැනීමේ සටනේදී අපේ හමුදාවන් උපයෝගී කරගත් යුද උපායන් පිළිබදව චීන පාර්ලිමේන්තුවේ පවා විවාදයට ලක් වී ඇත.අප සොල්දාදුවන්ගේ නිර්භීතභාවයත් අප්‍රතිහත ධෛර්යත් ඉතාමත් ඉහලින් අගය කොට ඇත.1949 දි රුසි‍යාවේ කොකේසස් ප්‍රදේශයේ විශාල සටනක් ඇති විය.එය නිල් මහ සටන ලෙස හැදින්වේ.එයට සමාන ලෙසම අප වීරෝදාර සෙබළුන්ද ත්‍රස්තයන්ට එරෙහිව අභිත ලෙස සටන් කළහ.මෙහිදි 57 ,58,සේනාංකත් 574,571 හා 572 බල සේනාංකත් දැක්වු දක්ෂතා චීන පාර්ලිමේන්තුව තුලදි ප්‍රශංසාවට ලක්  වී ඇත.

සැබැවින්ම අපේ කොල්ලන් විශ්වයම මවිත කොට ඇත.

 

උපුටා ගැනීම

ඉරිදා ලංකාදීප

2009 ජූනි මස 21 වැනිදා

seneviratne

යාපනය 51 සේනාංකයේ ක්ෂනික යතුරු පැදි රාජකාරියේ යෙදි සිටියදි ස්ටැන්ලි මාවතේ විවෘත කිරීමට පැමිණි නිමල් සිරිපාල සිල්වා මැතිතුමා ඇතුළු ප්‍රභුන් මරාගෙන මැරීමට පැමිණි ත්‍රස්ත කාන්තාව වැලැක්වීමට ගොස් තම ජීවිතය පුද

කිරිම නිසා මෙම පදක්කමට හිමිකම් ලැබීය.

gunasekara

රිවිරැස ක්‍රියාන්විතයේදි යාපනය චිරතිව් දුපතේ සිටි ත්‍රස්තවාදීන් හමුදාවට ප්‍රහාර එල්ල කරන ලදි.මෙම ප්‍රහාර නිසා හමුදාවට දුෂ්කරතා ඇති විය.මෙම නිලධාරියා චීරතිව් දුපතේ ඇති ත්‍රස්ත කදවුර විනාශ කිරීමට ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත් වී ත්‍රස්ත කදවුර විනාශ කොට එහි අධාරක කදවුරක් ස්ථාපිත කරන ලදි.පසුදින දුප‍ෙත් සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලද අතර එහිදි එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයකින් මෙම නිලධාරියා ජීවිතක්ෂයට පත්විය.

රිවිරැස ක්‍රියාන්විත සෙබලුන්ට සහාය වෙමින් චීරතිව් දුපත මුදා ගැනීමේදි දැක්වු නිර්භීතභාවය වෙනුවෙන් මොහුට පරම වීර විභූෂණ  පදක්කම හිමි විය.

පුරා දශක තුනකට ආසන්න කාලයක් අප මව්බිම රුදුරු භීෂනයක ගිල්වා දැමු ත්‍රස්තවාදය අවසන් කළ උදාර විරුවනි අප සදාකල් නුඔලාගේ මෙහෙවර අගයන්නෙමු.වසර තුනකට ආසන්න කාලයක් දිවි පුදමින් ,තම අත් පා දන්දෙමින් ,ළබැදියන්ගෙන් දුරස්ව නුඔලා කළ මෙහෙවර අප කෙසේ නම් අමතක කරමුද ?.එසේ අමතක කල හැක්කේ අප සදාදරණිය මව් බිමට ද්‍රෝහී වන අමනයන්ටම පමණි.විටෙක කාෂ්ඨක හිරු රැස්ය,විටෙක අනෝරා වැසිය ,තවත් විටෙක කුනාටු සුලිසුලංය ,නමුත් පුදුමයකි !, ස්වභාව ධර්මයටවත් නුඔලාගේ අභීත පියවර ආපසු හරවනු නොහැකි විය.එය අපගේත් මතු පරපුරේත් වාසනාවම විය.නිසි කලට කුසට අහරක්, පිපාසයට දිය බිදක්, වෙහෙසට විවේකයක් නොමැතිව නුඔලා කළ මෙහෙවරට මිලක් නියම කල නොහැක.

මුදලට රට පාවා දෙන ,ඩොලර් කුට්ටි වලට තම ආත්මය පාවා දෙන,ප්‍රභාකරන් විමුක්තිකාමියකු යයි ප්‍රශස්ත ගැයූ අමනයන් සිටින,තම මව් බිම විකුනන් කන, මිනිසුන් සිටින රටක නුඔලා දිවි පිදුවේ ,සදාකාලිකවම ආබාධිත වුයේ තම මව් බිම වෙනුවෙනි.එවන් උදාර මිනිසුන් බිහි වන්නේ ජාතියේ පිනටය.
දහසකුත් බාධක මැද,ජාත්‍යන්තරයේ තෙරපීම් මැද ,කරුණාව ,දයාව,මනුස්සකම යනු කුමක්දැයි ලොවටම පෙන්වමින් සහෝදර දමිළ ජනතාව ප්‍රභාකරන් නම් වු මන්ද මානසික මිනිසාගේ ග්‍රහනයෙන් බේරා ගත් ආකාරය උජාරු ජාත්‍යන්තරයට අගනා පාඩමකි.

නවීන ආයුධ සමගින් අල්ඛයිඩා ,තලේබාන් ත්‍රස්තවාදය අවසන් කිරිමට නොහැකිව ලතවෙන අපුරු ජාත්‍යන්තරයට නුඔලා පෙන්වුයේ අපගේ එඩිතර බවයි,අපගේ එකමුතු බවයි,අපගේ රණවිරුවන්ගේ විනය ගරුක බවයි.
නුඔලා ශ්‍රී ලාංකික ඉතිහාසය අළුතෙන් ලියවු බව අපට සිතේ.නුඔලාගේ රණකාමිත්වය අපගේ මතකයන් ඉතිහාසය වෙත නැවත රැගෙන ගියා යයි සිතේ.
උදාර මිනිසුනි ,රණකාමී සොහොයුරනි ඇත්තෙන්ම අප සදාකල් නුඔලාට ණයගැත්තෝ වෙමු.අප ජීවත්ව සිටියදීම ත්‍රස්තවාදයෙන් තොර රටක් දැකීමට තරම් වාසනාවන්තයන් වුයෙමු.අපගේ ඉදිරි පරපුරට නිදහසේ ජීවත් විය හැකි රටක් ඇතැයි සිතා අපට දැන් නිදහසේ දෑස් පියා ගත හැක.
අප මේ මොහොතේ අමතක නොකල යුතු තවත් අභීත රණවිරුවන් පිරිසක් වනුයේ දිගු දුර විහිදුම් බලකායේ සොහොයුරන්ය.ත්‍රස්තවාදී බල ප්‍රදේශ ආක්‍රමනය කරමින් සතුරා අන්දමන්ද වන ප්‍රහාරයන් එල්ල කළ ඔවුන් තම ජීවිතය පිළිබද සියලු ආශාවන් අත්හැර අප වෙනුවෙන් ‍ෙශ්‍රෂ්ඨ කාර්යක් ඉටු කරන ලදි.ගුවන් කොටි බලකාය පිහිටු වීමට මුල් වු ශංකර් හා,මුහුදු කොටි නායක ගංගෙයි අමරන් මරා දැම්මේ දිගුදුර බලකායේ විරුවන්ය.මිලෙනියම් සිටි මහා පාවාදීම හරහා එම විරුවන් බොහෝමයකට තම ජීවිත අහිමි විය.කර්නල් තුවාන් මුතාලිෆ්,මේජර් මීඩින් හා ඔත්තුකරුවන් ලෙස සිටී දමිළ සොහොයුරන් රාශියකටද එම පාවාදීම හරහා තම ජිවිත අහිමි විය.කපිතාන් නිලාම් වැනි විරුවන් පිලිබද අදටද තොරතුරක් නොමැති තරම්ය.නමුත් විරුවනි නුඔලා අභීත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ වෙති. එසේ වන්නේ මිලෙනියම් සිටි පාවා දීම කළ වුන් එය තමන් අතින් වු වරදක් ලෙස පිලිගන්නට තරම් හෘද සාක්ෂියක් නොමැති අමනයන් වු නිසාය.

ප්‍රභාකරන්ගේ අවසානය පිළිගන්නට නොකැමැත්තෝ සිටී නම් ඔවුන් අමනයන්ම මිස වෙනකකු නොවේ.යුධ ජයග්‍රහනය පිළිගන්නට නොහැකි ඇත්තෝ සිටී නම් ඔවුන් දේශද්‍රෝහීන්ම මිස වෙනකකු නොවේ යයි අපට සිතේ.

සමස්ත ශ්‍රි ලංකාවාසීන්ගේ යුතුකම හා වගකීම වන්නේ දිවි දුන් හා ආබාධිත වු සෙබළ සොහොයුරන් අමතක නොකීරීමයි.ඔවුන් හෙලු රුහිරු මතින් ගොඩ නැගු ඒකීය රට රැක ගැනීම අපගේ අද දවසේ වගකීම වන්නේය.

අවසාන වශයෙන් මෙවන් විරුවන් ලද රටක ජිවත් වීමට තරම් අප වාසනාවන්තයන් වුයෙමු.නුඔලා සදාකල්හිම අප සිත් තුල ජීවත් වනු ඒකාන්තය.
විරුවනි නුඔලාට අපගේ උත්තමාචාරය …………….!

Categories

Follow

Get every new post delivered to your Inbox.